- 1885 දෙසැමබර් 11 වන දින උපත ලැබු මාපලානේ සිරි පඤ්ඤාලංකාර නාහිමියන් විසින් “පන්සලට පෙර ගම දියුණු කළ යුතුයි” යන ආදර්ශ පාඨය අනුව කටයුතු කළහ.
- ඉංග්‍රීසීන්ගේ අවශ්‍යතාවලට පමණක් වු අධ්‍යාපන ක්‍රමයක් පැවති යුගයක දේශීයත්වයට ගැළපෙන ලෙස අධ්‍යාපන ක්‍රමයක් මාපලාන ප්‍රදේශයට ලබා දීමට මෙතුමා කටයුතු කළහ.
- 1932 පෙබරවාරි 11 වන දින ළමුන් 42 කින් යුන්තව මිශ්‍ර පාසලක් ලෙසට අප පාසල ආරම්භ කරන ලදී.
- ප්‍රදේශයේ තරුණ ප්‍රජාවගෙ හැකියාවන් ඔප්නැන්වීම සඳහා වෘත්තීමය අධ්‍යාපනයන් පාසල තුළින් ලබා දීම සඳහා කටයුතු කළේ ය.එ් අනුව වඩු කර්මාන්ත පුහුණු පාසල හා පේෂ කර්මාන්ත පුහුණු පාසල ගම තුළ ආරම්භ කළහ.
- මෙහිමියන් විසින් ස්ථිර ගොඩනැගිලි 3ක් ආආරම්භ කොට එක් ගොඩනැගිල්ලක් පාසල ද අනෙක් ගොඩනැගිලි වඩු පුහුණු පාසල හා පෙෂ කර්මාන්ත ලෙස පවත්වා ගෙන ගියහ.