විදුහල්පති පණිවිඩය
මාර/සිරි පඤ්ඤාඤාලංකාර විද්‍යාලය.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොාට්ඨාසයේ කිරම ආරෙන් පෝෂණය වන සුන්දර වෙල් යායකට මැදිව මනරම් කදු ගැටයක් පාදක කරගනිමින් මනස්කාන්ත පරිසරයක පිහිටි පාසලකි මාර/සිරි පඤ්ඤාඤාලංකාර විද්‍යාලය. .අප පාසලේ දරු දැරියන් සිංහල භාෂා . ඉංග්‍රීසි භාෂා ක්‍රීඩා අංශයේ කලාප,පළාත් මට්ටමේ පමණක් නොව, ඡාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියති .වර්තමානයේ ඔවුන් රටේ ඉහළ තනතුරු දරමින් සුවිශේෂි ජාතික මෙහෙවරක් ඉටු කරති.
අප විද්‍යාලය හා සම්බන්ධ නොයෙක් පාර්ශව සමග අදහස් හා තොරතුරු හුවමාරුවේ දී අපට මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.අප විද්‍යලය සමඟ කටයුතු කරන සියලු පාර්ශවයන්ට මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ ප්‍රගතියට සහයෝගය දක්වන ලෙසට ආරාධනා කර සිටිමි.
පාසලේ තාක්ෂණ අංශයෙන් ද පසු ගිය වසර පුරාවටදියුණුවක් අත්කරගත් අතර මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට නොමද සහයක් ලබා දුන් තාක්ෂණ සිසුන් ඇතුළු අප පාසලේ සියලු ම සිසුන්ට මාගේ හදපිරි ස්තුතිය පුද කරන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා යි මම ප්‍රර්ථනා කරමි.
විදුහල්පති,
මාර/සිරි පඤ්ඤාඤාලංකාර විද්‍යාලය.